කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්
මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කොරළවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම මරණයට පත් කාන්තාව සමග පුද්ගලික ආරවුලක් ඇති කරගත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව මොරටුව පොලීසිය විසින් තව දුරටත් විමර්ශන සිදුකරනු ලැබේ.