බොරැල්ල රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට එරෙහිව ලැබුණු අධිකරණ නියෝගය.

By Wayomi Jun 08, 2023 04:08 AM GMT
Report

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ (07) අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බල‍රහිත කරන්නැයි වෙස්ටර්න් රෝහල අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW