වහාම, පොලිස් නිළධාරීන් 4කගේ වැඩ තහනම් වෙයි.. පොලීසිය එම තීරණය ගන්න හේතුව එළියට..
යාපනය, චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.
ඒ මාර්ග අනතුරකින් අනතුරුව පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

සිරමැදිරිය අස්සෙ සූදු කෙළින්න ගිය සැකකරුවන් නිසා.. OIC ඇතුළුව 3ක් අත්අඩංගුවට පත් වෙද්දී.. අධිකරණය දුන් නියෝගය මෙන්න..(UPDATE)
එලෙස වැඩතහනම් කර ඇත්තේ, පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු විසින් රථය නතර නොකර පළා ගිහින් තිබුණා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් මත පොලිස් නිලධාරීන් විසින් ඔහුට යම් ආකාරයේ පහරදීමක් සිදුවුණා කියන චෝදනාව ඔහු විසින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පරික්ෂණයක් කරලා තමයි මේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩතහනමට ලක් කළේ."