ජනක රත්නායකගෙන් කප්පන් ඉල්ලූ සැකකරුවන් අල්ලයි. - (CCTV VIDEO)
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරන තර්ජනය කර ලක්ශ 15 ක කප්පමක් ඉල්ලීමේ සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අතඩංගුවට ගෙන ඇත.
මෙලෙස අතඩංගුවට ගෙන ඇත්තේ 24,26, 31 රඹුක්කන හා කුරුනෑගල පදිංචි තරුනයින් තිදෙනෙකුයි.
පසුගිය 16 වනදා ජනක රත්නායක මහතා තමාගෙන් මරන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලූ බවට කිරුලුපන පොලීසිය වෙත් පැමිනිල්ලක් සිදුකරනු ලැබිනි. පසුව පොලිස්පති වරයාගේ නියෝගයක් මත එහි පරීක්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරකෙරිනි.
සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
ජනක රත්නායක මහතා කප්පම්කරුවන් වෙත මුලින් ලබාදුන් මුදල රැගෙනයාමට පැමිනි වාහනයේ එක් සැකරුවෙකු ගමන්කරනා ආකාරයේ CCTV දර්ශනයක්ද ඇත.
