ජපුර සරසවි සිසුවාට පහරදුන් සැකකරු අත්අඩංගුවට

Sri Lanka Police University of Sri Jayawardenapura Sinhala news
By Mithu May 06, 2025 01:45 PM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට හෙල්මට් වලින් හා අතින් පයින් පහරදීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු, එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් තමාට හෙල්මට් වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කරන ලද බවට පසුගිය 29 වනදා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

පොළොන්නරු නගරාධිපති අපේක්ෂකයාගේ නිවසට ගිනි තබයි

පොළොන්නරු නගරාධිපති අපේක්ෂකයාගේ නිවසට ගිනි තබයි

ඒ අනුව හෝමාගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත. එහිදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අද (06) හෝමගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර තිහගොඩ ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

සැකකරුවෙක් හොයන්න පොලිසිය සහය පතයි

සැකකරුවෙක් හොයන්න පොලිසිය සහය පතයි

ReeCha