'දීඝදන්තු' වෙනුවෙන් නීතීඥවරුන් 12 දෙනෙකු අධිකරණය හමුවේ.. මරණයේ සැකකරු ලබන 26 තෙක් රිමාන්ඩ්..

Sri Lanka Sri Lanka Magistrate Court Sri Lanka Elephants Department Of Wildlife
By Piyumika Dec 12, 2024 03:07 PM GMT
Piyumika

Piyumika

Report

 දීඝදන්තු හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා.

ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය දීඝදන්තු 01 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව අද (12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගත්තා.

රටේ මූල්‍ය පද්ධතිය පිළිබද ජනාධිපති සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අතර සාකච්ඡාවක්..

රටේ මූල්‍ය පද්ධතිය පිළිබද ජනාධිපති සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අතර සාකච්ඡාවක්..

එහිදී දෙපාර්ශ්වයේ කරුණු සලකා බලමින් සැකකරු ලබන (26) තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ගල්කිරියාගම වනසත්තව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක හා වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.රත්නායක යන අය විසිනුයි එම ඇතාගේ මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක්..

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක්..

මියගිය දීඝදන්තු හස්තියා වෙනුවෙන් කරුණු දැක්වීමට වන සත්ව හා පරිසරය සංවිධාන මෙන්ම, වන සත්ව ලෝලීන් නියෝජනය කරමින් නීතීඥවරුන් 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරුන් ගණන 6කි.

You may like this video

ReeCha