විදෙස් කතට ලිංගික අවයව පෙන්නපු නරුමයා අත්අඩංගුවට [PHOTO]

Report

පොලිසිය විසින් තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩගංගුවට ගෙන ඇත.

පාර අහපු විදෙස් කාන්තාවට රහස් ප්‍රදේශය පෙන්නපු අසහනකාරයෙක් - රටටත් ලැජ්ජයි

පාර අහපු විදෙස් කාන්තාවට රහස් ප්‍රදේශය පෙන්නපු අසහනකාරයෙක් - රටටත් ලැජ්ජයි

සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙක් වබ අතර ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදංචිව සිට තිබේ.

මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී ඇත.

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

පසුව තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශනය කර ඔහු පදිංචිව සිටි ස්ථාන කිහිපයකට ගොස් තිබේ. එහිදී එක් ස්ථානයකදී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත් වල ඡායාපිටපත් හමුව ඇත.

ඒ අනුව බිරිඳගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දින තුනකට පෙර ඔහු සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවය. ඔහු ගැවසිය හැකි ස්ථාන පිලිබඳ සිදුකළ සොදිසි කිරීමකදී සැකකරුව කල්මුණේ මරඳමුණේ ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙලස අත්අඩංගුවට ගෙන තිබේ.

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

අත්අඩංගුවට ගැනීමට ගිය ආවස්ථාවේදී ඔහු හිස බූ ගා සිය පෙනුම වෙනස්කර ගෙන සිටි බව පොලීසිය පවසයි. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු පොතුවිල් පොලීසිය භාර දී තිබේ.  

GalleryGalleryGallery