බුදු අම්මෝ මෙච්චර..පොලිසියෙත් ඇස් උඩ ගිය සැකකරු ලග තිබ්බ දේවල්...(PHOTO)

By Piyumika Jan 25, 2025 02:59 AM GMT
Report

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

යකෝ මෙහෙමත් එකෙක්..වැරදි ටික ලියන්න පොලිසියට වෙනම පොතකුත් ගන්න වෙලා..

යකෝ මෙහෙමත් එකෙක්..වැරදි ටික ලියන්න පොලිසියට වෙනම පොතකුත් ගන්න වෙලා..

ඒ, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී ය. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය ඇතුලු දේපොළ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන සේනානායක මාවත, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බේරේ වැවේ සතුන් මිය යාම පිටුපස භයානක තත්වයක්ද...

බේරේ වැවේ සතුන් මිය යාම පිටුපස භයානක තත්වයක්ද...

අත්අඩංගුවට ගත් දේපල

ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349ක්

කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්

මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්

මත්පෙති 320ක්

මත් මුද්දර 129ක්

වායු පිස්තෝල අවි 01ක්

කඩු 02ක්

පොලිතීන් සීලර් 01ක්

විද්‍යුත් තරාදි 05ක්

මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදා ගන්නා පැකට් 4,000ක්

මුදල් රුපියල් 1,250/=

ජංගම දුරකථනයක්

කාර් රථයක්

සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.  

බුදු අම්මෝ මෙච්චර..පොලිසියෙත් ඇස් උඩ ගිය සැකකරු ලග තිබ්බ දේවල්...(PHOTO) | Suspect Arrested With Drugs And Weapons

You may like this video