සලේ ලෙඩ ඇඳේ හිටපු කාලේ ඉවරයි.. අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එබැවින් එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි.
ඒ අනුව වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කියා සිටියේ දැනට දින 119 ක කාලයක් සැකකරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා සිටි බවත් 2026/9/28 දින ලබා දී ඇති වෛද්‍ය වර්තාවේ සදහන් කරුණු 6ක් දක්වා ඇති බවත්ය.
අඳාළ කරුණු මත සැකකරු මේ වන විට ජාතික රෝහලේ 42 වාට්ටුවේ සිටින බවත් අද පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැරීමට හැකි බවත් අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍ය මඩුල්ල දන්වා තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා ඇත.
එමෙන්ම සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) දින අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබුණ අතර ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍යවරුන් 9 දෙනෙක් අද (06) අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.
එසේම එක් වෛද්‍යවරයෙකු විදේශ ගත වි ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව දන්වා සිටි අතර අඳාළ නඩුව යළිත් ලබන 21 වැනිදා කැඳවිමට නියමිත බව සඳහන්.