සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් පෙත්සම- අභියාචනාධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට සහාය දක්වමින් ඉදිරිපත් කර ඇති සියලු අතරමැදි පෙත්සම් ජූලි 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ කැඳවනු ලැබීය.

මුළු රටක් හැඬවූ අතිශය කණගාටුදායක පුවතක්- ‘කැන්ඩි ළමිස්සි’ මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී

මුළු රටක් හැඬවූ අතිශය කණගාටුදායක පුවතක්- ‘කැන්ඩි ළමිස්සි’ මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, අතරමැදි පෙත්සම් සලකා බැලිය හැක්කේ මුල් රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත් කළහොත් පමණක් බවයි.

මේ අතර, අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන වී. කේ. චොක්සි සහ මනෝහර ද සිල්වා මහත්වරුන් මෙන්ම නීතිඥවරුන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය, අශෝක් භරන් ඇතුළු පාර්ශ්ව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුව මහජන අවධානයට ලක්ව ඇති වැදගත් නඩු කටයුත්තක් බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම් අවසන් වූ පසුව පමණක් බවයි.