හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

ඇතිවූ හෘදයාබාධ රෝග තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙලෙස එම ඒකකයට ඇතුළත් කළ බව වාර්තා වේ

රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා නිරීක්ෂණය දිගින් දිගටම සිදු කෙරෙන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (පෙබරවාරි 25) අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

සුරේෂ් සලේ මහතා \ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පසුගිය ජූනි 7 වෙනිදා ඇතුළත් කර තිබේ.

 ඉන්පසුව අද දින  හෘද රෝග තත්ත්වයක් හේතුවෙන්  හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.