මේ රාජ්‍ය ආයතනයට නව සභාපතිවරයක් පත් වෙයි - මෙන්න විස්තරේ

Report

සුරංජිත් වෑවිට මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. බැංකුකරණයේ සියලුම අංශවල වසර 20කට අධික සේවා අත්දැකීමක් ඇති ඔහු ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

එමෙන්ම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සුරංජිත් වෑවිට මහතා, බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ඇති 2013 වසරේ දී මධ්‍යම පළාත් හොඳම කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන ව්‍යවසායකයා ලෙසද ඇගයීමට ලක්ව ඇති පුද්ගලයෙකි.

මේ රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - දීමනා හා ඉල්ලීම් අයවැයෙන් ලබාදීමට ජනපති පොරොන්දු වෙයි

මේ රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - දීමනා හා ඉල්ලීම් අයවැයෙන් ලබාදීමට ජනපති පොරොන්දු වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත ඊයේ (17) ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

ඔහු තම ඉල්ලා අස්වීම විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.