ඇමරිකාවෙන් නාවික හා ගුවන් සේවා ක්‍ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීමට සහය.

By Hashini Sep 28, 2023 06:43 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මෙරට නාවික හා ගුවන් සේවා ක්‍ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන බව පවසනවා.

ඇමරිකානු තානාපති මේ බව පැවසුවේ නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (27) හමු වූ අවස්ථාවේදීය.

තානාපතිනිය වැඩිදුරටත් කියා ඇත්තේ නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙමින් ආයෝජන අවස්ථා ලබා දීමට කටයුතු කරන බවයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තානාපතිනිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙරට නාවික හා ගුවන් සේවා ක්‍ෂේත්‍රය අනාගතයට සරිලන අයුරින් සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ සිදු කරනු ලබන බවයි.