පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.
By Wayomi
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
එහිදී චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමඟ ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස් කරගත්තා.
ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත් අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණයි.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා.
ඒ, අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය කරනු ලැබුවා.