කල්මුනේ 'සුපර් මුස්ලිම්' කියන්නේ විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා ද? - විශේෂ හෙළිදරව්ව මෙන්න!
කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් සිදු කරමින් සිටිනවා.
මෙම ප්‍රචාරයන් සමඟ තමන් පිළිබඳවද සමාජයේ වැරදි ප්‍රතිරූපයක් පැතිර යන බව එංගලන්තයේ ලන්ඩන් නුවර පෝට්ලන්ඩ් රෝහලේ ළමා රෝග විශේෂඥ සහ ළමා දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා මහතා පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සමඟ ඇතැම් පිරිස් තමාට දුරකථන ඇමතුම් ලබාදී තමන් “සුපර් මුස්ලිම්” නම් කණ්ඩායමක් සමඟ සම්බන්ධ වී කල්මුණේ රැඩිකල් අදහස් ප්‍රචාරය කරන බවට විමසීම් කරන බව විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා මහතා පැවසීය. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය. මෙම කණ්ඩායමට හෝ එහි අදහස්වලට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු සහතික විය.
මෙම වැරදි අදහස ජනතාව වෙත යන්න ඇත්තේ තමන්ගේ නමින් සිටින වෙනත් කෙනෙක් නිසා බවත්, ඔහුත් වෛද්‍යවරයෙකි. කෙසේ වෙතත්, තමන් කල්මුණේ ජීවත් නොවන බවද ඔහු පැහැදිලි කළේය. ඔහු එංගලන්තයේ මිල්ටන් කේන්ස් හි ජීවත් වන අතර ලන්ඩනයේ ළමා දැඩි සත්කාර රෝහලක සේවය කරයි.
එසේම තමන් හැමවිටම සමානාත්මතාව සහ අවංක අදහස්වලට අනුබල දෙන්නෙක් බවත් අන්තවාදී අදහස්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඔහු පැවසීය. කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ තමන් සම්බන්ධයක් නොමැති බවත් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට සහාය නොදක්වන බවත් ඔහු නැවත අවධාරණය කළේය.
ඒ වගේම සමාජ සේවකයෙක් විදියට කටයුතු කරන ඔහු Abrar Foundation යන සංවිධානයේ ප්‍රධානියා ලෙස අධ්‍යාපනය තුළින් සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. එය ජාතික ප්‍රගතිය සඳහා අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන සංවිධානයකි. මේ අතර මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මුල් ආරම්භක කමිටුවේ කථිකාචාර්යවරයකු ලෙසත් එහි පළමු ළමා රෝග අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කර තිබේ. එම නිසා තමන් වෙනත් අයෙකු සමඟ පටලවා නොගන්නා ලෙස ඔහු ඉල්ලීම් කළේය.
