තවත් ප්‍රසිද්ධ චරිත කිහිපයකටම කොවිඩ් ආසාදිත වේ

covid19 sunil perera giriraja kawshalya niroshan vijesinghe PCR positive
By Sewvandhi Aug 07, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රසිද්ධ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර ගිරිරාජ් කෞෂල්‍ය සහ නිරෝෂන් විජේසිංහ යන රංගන ශිල්පින් දෙදෙනාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

එමෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මීට අමතරව, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ වන විට ඇය නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය දිනක සිදුකළ PCR පරීක්ෂණයකින් ලැබුනු ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී තිබෙනවා.

ශලනි තාරකා සයිනෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගෙන ඇති බව ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබෙනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now