ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන දවස් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

හිරුගේ දෘශ්‍ය ගමන් මාර්ගය දකුණු දෙසට මාරුවීම හේතුවෙන් අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (30) පස්වරු 12.11ට පමණ මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම, වැලිඔය සහ පුල්මොඩ්ඩයි යන ප්‍රදේශවලට හිරු මුදුන්වීමට නියමිතය.

මෙම තත්ත්වය ඇතිවන්නේ මෙම කාලසීමාව තුළ හිරුගේ දෘශ්‍ය පිහිටීම ශ්‍රී ලංකාවට අදාළ අක්ෂාංශ හරහා දකුණු දෙසට මාරුවීම හේතුවෙනි.

ඉදිරි දින කිහිපය තුළ ද ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන්වනු ඇති අතර, මෙම සංසිද්ධිය සැප්තැම්බර් 7 දක්වා පැවතීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර මිල ඉහළට - නව අගයන් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර මිල ඉහළට - නව අගයන් ඉහළට

BMICH පරිශ්‍රයෙන් තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයට නාරාහේන්පිටදී පොලිසියෙන් වෙඩි

BMICH පරිශ්‍රයෙන් තරුණියක් පැහැරගෙන ගිය මෝටර් රථයට නාරාහේන්පිටදී පොලිසියෙන් වෙඩි