දුම්රිය බිංගෙවල්වල යෝග්‍යතාව පරික්ෂා කෙරේ...

Report

අද (27) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව පැවසී ය.

මෙම බිංගෙවල් පරීක්ෂණයේ අරමුණ ලෙස, දුම්රිය බිංගෙවල් වල ඇති විය හැකි ජල කාන්දු වීම , ඉරිතැලීම් , බිංගෙයි බිත්ති දුර්වල වීම , බොල් වීම වැනි දෝශ මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ පිහිටීම වෙනස් වීම තාක්ෂණික දෝශ ඇති වීම පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග , පිළියම් යෙදීම බව දැක්වේ.

දුම්රිය බිංගෙවල්වල යෝග්‍යතාව පරික්ෂා කෙරේ... | Suitability Of Railway Bins Being Checked

මෙම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් විසින් ය.

එමෙන් ම, මෙම කටයුතු සිදු කරනු ලබන්නේ, මෝටර් ට්‍රොලි , ඩක්කු සහ පිරික්සුම් අට්ටාල සවිකරන ලද විශේෂ දුම්රියක සිට ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර බිංගෙවල් නඩත්තු අංශය, හැටන් , නානුඔය , පට්ටිපොළ , ඔහිය සහ බණ්ඩාරවෙල යන දුම්රිය මාර්ග අංශවල සහය මත මෙම කටයුතු සිදු කළ බවයි. අද (27) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව පැවසී ය. මෙම බිංගෙවල් පරීක්ෂණයේ අරමුණ ලෙස, දුම්රිය බිංගෙවල් වල ඇති විය හැකි ජල කාන්දු වීම , ඉරිතැලීම් , බිංගෙයි බිත්ති දුර්වල වීම , බොල් වීම වැනි දෝශ මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ පිහිටීම වෙනස් වීම තාක්ෂණික දෝශ ඇති වීම පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග , පිළියම් යෙදීම බව දැක්වේ. මෙම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් විසින් ය. එමෙන් ම, මෙම කටයුතු සිදු කරනු ලබන්නේ, මෝටර් ට්‍රොලි , ඩක්කු සහ පිරික්සුම් අට්ටාල සවිකරන ලද විශේෂ දුම්රියක සිට ය. වැඩිදුරටත් අදහස් දැක් වූ දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර බිංගෙවල් නඩත්තු අංශය, හැටන් , නානුඔය , පට්ටිපොළ , ඔහිය සහ බණ්ඩාරවෙල යන දුම්රිය මාර්ග අංශවල සහය මත මෙම කටයුතු සිදු කළ බවයි.