දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක්
නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය සදහන් කර තිබේ.
එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස දිත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත් ව ඇත.
ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියක මෙගාවොට් 55ක විදුලි ධාරිතාවයක් අහිමිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටුණු බව වාර්තා වේ.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ විනාඩි කිහිපයක් තුළ යළි එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවයි