රට වටේ ගිය ‘Talk with Sudaththa’ යූටියුබ් වීඩියෝ පටයක් නිසා සිදු වූ දේ..

Sri Lanka Police Youtube Sri Lanka Presidential Election 2024 srilanka presidential election 2024
By Aruna Sep 12, 2024 12:33 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණීය තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

සමාජ මාධ්‍යයේ විකාශය වන ටෝක් විත් සුදත්ත තමැති යූටියුබ් තාලිකාව හරහා දේශපාලන පක්ෂ වලට අගතියක් වන හා ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශ විකාශය වන බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රිත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වනවා.

එම ලිපියේ සඳහන් වන්නේ, වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අපරාධ දෙපාර්තමේන්තුව ඔහු ගන්නැයි පරීක්ෂණ යටතේ පරිගණක අපරාධ රංගන ශිල්පියකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුදත්ත තිලකසිරි මහතා ටෝක් විත් සුදත්ත, සුදා ත්‍රියේෂන් යූටියුබ් නාලිකාවෙන් එම වෛරී ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් මධ්‍යස්ථානයේ නිරාකරණ ප්‍රධාන සහකාර තේරීම භාර නිලධාරියා නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විවිධ ප්‍රකාශ ඔස්සේ ඡන්දදායකයන් බිය ගැන්වීම මරණීය තර්ජන සිදු කරමින් සාපරාධී විමර්ශන අංශය මගින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කර ලෙසයි.