පීඩා රැසකට මැදි වූ සුඩාන වැසියන්..
සටන් විරාමය තවත් පැය 72 ක් දිගු කළ ද සුඩානයේ නගර රැසක තවදුරටත් දරුණු ගැටුම් පවතියි.
විදෙස් වාර්තා කළේ, මේ වනවිටත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම් සහ කාලතුවක්කු හඬ කාර්ටුම් අගනුවරින් ඇසෙන බව ය.
මේ වනවිටත් දහස් ගණනක් ජනතාව දේශසීමා හරහා වෙනත් රටවලට පලායමින් සිටින බවට වාර්තා වේ.
මේ වනවිට සුඩාන ජනතාව ආහාර, ජලය, විදුලිබලය සහ ඉන්ධන නොමැති වීමෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
ඒ අතර, අන්තර්ජාල සබඳතාද බිඳ වැටී ඇති අතර සන්නිවේදනය ඇණහිටීමෙන් එහි සිටින විදේශිකයන් මුදාගැනීමේ මෙහෙයුම්වලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත්, අප්‍රේල් 15 වනදා සිට සුඩාන හමුදා රජය සහ ආර්.එස්.එෆ් හමුදා කල්ලිය අතර, බල අරගලය හේතුවෙන් ඇති වූ ගැටුම් නිසා සිවිල් ජනතාව ඇතුලු 512 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම 4200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |