16 හැවිරිදි පාසල් සිසුවියකට සිදුවූ අවාසනාවන්ත ඉරණම..

Report

සෙවණගල ප්‍රදේශයේ කුඩා නිවසක දී පාසල් සිසුවියක් මියගොස් තිබෙන සංවේදී පුවතක් වාර්තා වනවා.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, දැඩි අගහිඟකම් මධ්‍යයේ මොවුන් ජීවත් වී ඇති අතර පවුලේ දැඩි ආර්ථීක දුෂ්කරතා හේතුවෙන් කලකිරීමෙන් ජීවත්ව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වන සූරියආර ප්‍රදේශයේ පාසල් සිසුවියක්.

දැරිය සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව‍යි වාර්තා වී ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ මෙම දැරියගේ පියා මීට පෙර මියගොස් ඇති අතර මවට ද ස්ථීර ආදායමක් නොමැති බවයි.

කෙසේ වෙතත් මීට පෙර ද මෙම දැරියගේ සහෝදරයකු ද මේ ආකාරයෙන්ම මියගොස් ඇති බව වාර්තාවේ.