අද මුහුදට යන අය අවධානයෙන් - ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදක්

Report

මුහුදු ප්‍රදේශ කිහිපයක තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ වේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම අවස්ථාවල මුහුද රළු වීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 3.0ත් අතර දක්වා ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ජනතාව අවදානම් තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ඇඟ පිච්චෙන තරමට රස්නෙ ඇයි? අද නගර 4කට හිරු කෙළින්ම හිසට උඩින්

ඇඟ පිච්චෙන තරමට රස්නෙ ඇයි? අද නගර 4කට හිරු කෙළින්ම හිසට උඩින්

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රු, මිලියන 110ක ආයෝජනයක් - නව යන්ත්‍ර 6ක් සේවයට

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රු, මිලියන 110ක ආයෝජනයක් - නව යන්ත්‍ර 6ක් සේවයට




Gallery