ඇමරිකාවේ බදු මුදල් මත යැපෙන්න එපා - වීසා අවලංගු වෙන්න පුළුවන්
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත් ජනපදයට පැමිණෙන විදේශිකයන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් ලබා දෙන ප්රතිලාභ මත යැපීම හෝ ඒවා අනිසි ලෙස භාවිතා කිරීම දැඩි ප්රතිවිපාක ගෙන දිය හැකි බවයි. විශේෂයෙන්ම සංක්රමණ නොවන වීසා යටතේ එක්සත් ජනපදයට පැමිණෙන අයගේ වීසා බලපත්ර අවලංගු කිරීමේ අවදානමක් ඇති බව ඔවුන් අනතුරු ඇඟවී තිබේ.
එවැනි උල්ලංඝනයන් සිදු කළහොත් අනාගතයේදී එක්සත් ජනපද වීසා බලපත්ර ලබා ගැනීමට නුසුදුසුකම් ඇති විය හැකි බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ. “එක්සත් ජනපදයට පැමිණෙන විට ඔබේම මුදල්වලින් ඔබේ ජීවන වියදම් ගෙවීමට සූදානම් වන්න,” යනුවෙන් තානාපති කාර්යාලය මතක් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ පුළුල් ආගමන ප්රතිපත්තිය පිළිබිඹු කරන අතර, විදේශීය අමුත්තන් ස්වයංපෝෂී වීම අපේක්ෂා කරන බවත්, බදුගෙවන්නන්ගේ මුදල් අනිසි ලෙස භාවිතා වීම වැළැක්වීම ඉලක්ක කර ගත් බවත් පෙනේ.