බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

Tsunami Myanmar
By Akash Mar 28, 2025 08:05 AM GMT
Akash

Akash

Report

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය. එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් 50 දෙනෙකු බවද සිට ඇති බවද පවසන විදෙස් වාර්තා ඉන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසීය. මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. බෞද්ධ ආරාම සහ රජවරුන් රැඳීසිටි මාලිගාවක් ද එහි පවතින බව සඳහන් වෙයි.

මෙම නගරය ප්‍රධාන සැපයුම් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන අතර මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනයේ දේශසීමාවට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය ද එය අවසානයේ පිහිටා තිබේ.

මේ අතර මැන්ඩලේ ගුවන්තොටුපොළේ මගී ජනතාව සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ මැන්ඩලේ නගරයේ ඇතැම් මාර්ග ඉරිතලා ගොස් ඇති බවය. භූ කම්පනයෙන් අනතුරුව බැංකොක් ජනතාව නිවාසවලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

භූ කම්පනය පිළිබඳ අදහස් දක්වමින් බීබීසී මාධ්‍යවේදිනියක පවසා ඇත්තේ, භූ කම්පනය සිදුවෙන අවස්ථාවේ තමා නිවසේ ආහාර පිසිමින් සිටි බවය. "මම ගොඩක් කලබල වුණා. ඒ වගේම භීතියට පත් වුණා. ඒ මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මොකද බැංකොක්වල මේ වගේ ප්‍රබල භූ කම්පනයක් වෙලා දශකයකට විතර පස්සේ තමයි මෙම කම්පනය සිදු වුණේ. මම දැක්කා මහල් නිවාසයේ බිත්තිවල ඉරිතැලීම් කිහිපයක් සහ පිහිනුම් තටාකවලින් ජලය විසිරී ගොස් මිනිසුන් කෑ ගහනවා."

ReeCha