මැයි මාසේ වැටුපට දීමනාවක්?. 09 වෙනිදා සිට කරන්න යන දෙය මෙන්න..

Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani May 07, 2024 09:53 AM GMT
krishani

krishani

Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මැයි මාසේ වැටුපට දීමනාවක්?. 09 වෙනිදා සිට කරන්න යන දෙය මෙන්න.. | Strikes Again In The Health Service From May 9

ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටු වී නොමැති බවයි.

අදාළ තාක්ෂණික වාර්තාවේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වූ බවත්, ඉතිරි කොටස පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා කියා සිටියේ ය.

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..

රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න - යන්න ඕන දිනය ගැනත් දැනුම්දීමක් කරලා..


එමෙන්ම, මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම ඉතාම බරපතල බවත්, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳව ද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බව ඔහු පැවසීය.

ඒ හේතුවෙන්, මැයි 09 වෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව සඳහන් ය.

එහිදී රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවත්, කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


කෙසේ වෙතත්, ඒ අනුව, මැයි 09 වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක වේ.

තව ද, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සබරගමුව පළාත, මැයි 15 වෙනිදා වයඹ පළාත, මැයි 16 වෙනිදා දකුණු පළාත, මැයි 20 වෙනිදා ඌව පළාත සහ මැයි 21 වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%