හෙටින් ඇරඹෙන වෛද්‍ය, බැංකු ඇතුලු දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ග
By Sewvandhi
හෙට (13) දිනයේ, උපයන විට බද්ද, වැඩිවූ විදුලි බිල, ඉහළ පොලී බැංකු පොලී අනුපාතය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ප්‍රකාශ කළා.
බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතර මූලික කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද හෙට දිනයේ පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා සහයෝගය පළ කරන තිබෙනවා.
එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයද එළඹෙන 15 වනදා විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.
මේ අතර වරාය වෘත්තිය සමිති ද 15 වනදා පැවැත්වීමට නියමිත සංකේතාත්මක වැඩවර්ජනය සඳහා සහයෝගය දක්වන බවයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |