ඕස්ට්‍රේලියාවට යෑමට සිටිය අයගේ සිහින බොඳ වන ලකුණු - ඕස්ට්‍රේලියාවෙන් විශේෂ පණිවිඩයක්

By Dhananjaya Dec 11, 2023 01:41 PM GMT
Report

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ'නීල් විසින් අද දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළිදක්වමින් කියාසිටියේ එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි.


ඕස්ට්‍රේලියාවට යෑමට සිටිය අයගේ සිහින බොඳ වන ලකුණු - ඕස්ට්‍රේලියාවෙන් විශේෂ පණිවිඩයක් | Strict Rules For Those Immigrating To Australia

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණක් බවත් එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවයි.

ඒ අනුව දෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට ද එරට බලධාරීන් තීරණය කර තිබේ.