පාතාලයට අසුබයි - අපි සද්ද නොකර ෂොට් එක දෙනවා.

Report

‘යුක්තිය’ යනුවෙන් නම් යොදාගෙන එය ප්‍රචාරය කරමින් වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව යටතේ පාතාල ක්‍රියාකාරකම් දැවැන්ත මර්දනයකට ලක් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා රජය දැවැන්ත මැදිහත්වීමක් කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

රජයේ මර්ධනය හමුවේ පාතාල කණ්ඩායම් ඔවුනොවුන් අතර මරාගැනීම් ඇතුළු ගැටුම් ඇති වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔවුන්ගේ ජාලාව රහසිගතව පවත්වාගෙන යාම අරමුණ වී ඇති බවද ඒ මහතා අවධාරණය කර සිටියා.