සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පස්දෙනෙක් මාට්ටු
පොලිස් විශේෂ කාර්ය බලකාය හා කළුතර අපරාධ කොට්ඨාශය මගින් මෙහෙයුමකින් කළුතර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථවලින් ගොස් පුද්ගලයින්ට පහරදීම් සිදුකරන මෙම කණ්ඩායම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය දූවපන්සල ප්‍රදේශයේ දී සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද ඔවුන් සතුව තියුණු ආයුධ සොයාගෙන තිබේ.
ඔවුන් පසුගියදා දකුණ කළුතර දූවපන්සල පාරේ නිවසකට ඇතුලු වී දේපළවලට හානි සිදුකර නිවැසියන් බිය ගන්වා පහරදීමක් ද සිදුකර තිබේ
තවද අනාවාරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් පහරදීම සිදුකර ඇති බවටයි.
ඒ වගේම කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයකින් ඔවුන් අදාළ ස්ථානයට ගමන් කර තිබේ.