පොලිස්පති ධූරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..!මැතිවරණය ගැනත් කියයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බවයි.
ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ''ජයගමු ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමිනි.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.