ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් රජයට යෝජනාවක්

Report

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, සැපයුම් මාර්ගවලට බාධා ඇතිවීම සහ ඉන්ධන සපයන රටවල් අතර ඇතිවිය හැකි අස්ථාවත්තා නිසා, ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සීමාකාරී තත්ත්වයට පත් විය හැකි බව අවධාරණය කරයි.

අදාළ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ, මෙම තත්ත්වය පිළිබඳව පෙර දැනුම්දීමක් ලෙස, පසුගිය මාර්තු 04 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

ඉන්ධන සීමාකාරී තත්ත්වයක් ඇති වීමේදී, පෞද්ගලික වාහන භාවිතය සීමා වී, කාර්යාලීය කාර්ය මණ්ඩලය, පාසල් සිසුන් සහ දෛනික ගමනාගමනය සිදුකරන මහජනතාව, පොදු ප්‍රවාහන සේවාවන් වෙත යොමු විය යුතු විය හැකි බවත්, විශේෂයෙන්ම නාගරික සහ ආසන්න ප්‍රදේශවල දෛනික ගමනාගමන අවශ්‍යතා ඉහළ යාමත් සමඟ, පොදු ප්‍රවාහන පද්ධති මත ඇති පීඩනය වැඩි වන බවත් සංගමය පෙන්වා දී තිබේ.

ඒ අනුව, ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දුම්රිය සේවාව කඩිනමින් පුළුල් කර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව සංගමය සදහන් කරයි.

සියලුම රජයේ පාසල්වල හෙටින් පසු ඉගෙනුම් කටයුතු සිදුකිරීමේ වෙනසක්

සියලුම රජයේ පාසල්වල හෙටින් පසු ඉගෙනුම් කටයුතු සිදුකිරීමේ වෙනසක්

එම කාර්යයන් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා යෝජනා මාලාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද දුම්රිය ස්ථානාධිපති සංගමය පියවර ගෙන තිබේ.