රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලු තීරණ ගන්නවා -ඉරාන විදේශ අමාත්‍ය

Report

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ කොටසක් විනාශ වී ඇති බව ඉරාන මාධ්‍ය සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වැඩ කටයුතු කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චෝදනා කරයි. එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාව වෙනුවෙන් තමා සතු සියලු විසඳුම් ගන්නා බවයි.

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

දෙයියනේ ආයෙත් හැමෝම කම්පා කරමින් උඩු ගුවනෙදි තවත් මරණයක්, ඛේදවාචකය ශ්‍රී ලංකන් ගුවන් යානයටත් එයි

මේ අතර තුර්කියේ ඉස්තාන්බුල් නුවර අද (22) පැවැති සමුළුවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ යුද්ධය පැතිරවීම සඳහා සිදුකරන විනාශකාරී ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාකවල වගකීම ධවල මන්දිරයටම සම්පූර්ණයෙන්ම භාරගැනීමට සිදුවනු ඇති බවය.

අමෙරිකානු ප්‍රහාරයෙන් පසුව ඉරානය ඊහ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරවලින් 86කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසයි. මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායකයා යම් හෙයකින් ජීවිතක්ෂයට පත්වුවහොත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුසු පුද්ගලයින් තිදෙනෙකුගේ රහසිගත ලැයිස්තුවක් සකසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.