වහා, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා.. නිවාඩු ගිය අයත් සේවයට..
මේ කියන්න යන්නේ ලංකාවේ දෙයක් ගැන නම් නෙමෙයි.
බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් ය.
මෙම ළැව් ගින්න පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයකට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමට පියවර ගෙන ඇති බව සදහන් වේ.
එරට නැගෙනහිර සහ මධ්‍යම කලාපවලට හිම කුණාටු තත්ත්වයක් බලපා ඇත.
එවන් පසුබිමක මෙලෙස බටහිර අමෙරිකාවේ ළැව්ගිනි ව්‍යාප්ත වෙමින් පැවතීම විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත්, මේ වන විට ළැව් ගිනි නිවීමට ගිනි නිවන සේවකයින් 250ක් යොදවා ඇත.
තවද, ගිනි නිවන රථ රැසක් මෙන්ම හෙලිකොප්ටර් යානා පහක් ද යොදවා ඇති බව සදහන් වේ.
මේ අතර, ලොස් ඇන්ජලීස් බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගිනි නිවන සේවකයින් ප්‍රමාණවත් නොවන බැවින් නිවාඩු ගොස් සිටි අය සේවයට කැඳවීමටයි.
You May Like This Video👇
.