මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයට අමුතු සතෙක් - වෙබ් අඩවියත් ක්‍රියා විරහිතයි
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවිය පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම විවිධ අදහස් මේ දිනවල හුවමාරු වී තිබේ.
ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ ලාංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාලාවල චෝදනා එල්ල වීමත්මත් සමගම එහි ඡායාරූප කීපයක්ද සංසරණය වී තිබේ.
ඒ අනුව මේ වන විට එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති අතර එහි රාජ ලාංඡනය සහ සිංහයා විකෘති කොට නිරූපණය කර ඇති බවට චෝදනා එල්ල වේ.
නමුත් මේ වන විට එම ලාංඡනය නිවැරදිව දිස්වන ලෙස සකසා තිබේ.
