Starlink ලබන සතියේ ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Report

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසන පරිදි, ස්ටාර්ලින්ක් (Starlink) සමාගම ලබන සතියේ සිට ශ්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව තිබේ.

මේ අනුව, ස්ටාර්ලින්ක් සේවාව ලබා ගැනීම සඳහා මුල් පරිශීලකයින් 12 දෙනෙකු තෝරා ගෙන ඇති අතර, ඔවුන් වෙත මේ වන විටත් අවශ්‍ය උපකරණ බෙදා හැර ඇති බව TRCSL හි අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පවසයි.

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

ඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි

එසේම, උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර ඇති බවත්, සේවාවේ ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සතියක කාලයක් තුළ මෙහෙයුම් නිරීක්ෂණය කරන බවත් පැවසේ.

ඉරානයෙන් අලුත්ම මිසයිලයක් අහසෙම පාලනය අපේ අතේ

ඉරානයෙන් අලුත්ම මිසයිලයක් අහසෙම පාලනය අපේ අතේ

මෙම කාලසීමාවෙන් අනතුරුව ස්ටාර්ලින්ක් නිල වශයෙන් එහි සේවා ආරම්භ කරනු ඇත. ශ්‍රී ලංකාව සඳහා ස්ටාර්ලින්ක් හි Residential පැකේජය මසකට රු. 15,000ක මුදලකට ලබා ගත හැකි අතර, අවශ්‍ය උපකරණ සඳහා රු. 118,000ක එකවර ගෙවීමක් සිදු කළ යුතුය.

මෙම පැකේජය යටතේ පරිශීලකයින්ට අසීමිත දත්ත (Unlimited Data) පහසුකමද හිමිවේ.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න