මෙරට අන්තර්ජාල පහසුකම් පිලිබද වැදගත් තීරණයක්..

Report

Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා සිටියේ ය.

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..

චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා පළමුවරට මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සිදුකරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේය.

සුපක්‍රට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන space x ව්‍යාපෘතිය හරහා Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබූ අතර Starlink ව්‍යාපෘතිය හරහා ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට පැයට කිලෝමීටර් 27,000ක ආසන්න වේගයකින් ගමන් ගන්නා චන්ද්‍රිකාවක් හරහා අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සිදුකරනු ලබයි.

ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වුවෙකු අත්අඩංගුවට...

ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වුවෙකු අත්අඩංගුවට...

Starlink හරහා දුෂ්කර ප්‍රදේශවල වාසය කරනු ලබන අන්තර්ජාල පරිශීලකයින් වෙත පහසුවෙන් අන්තර්ජාලට පිවිසිමට අවස්ථාව උදාවේ.

2024 වන විට Starlinkචන්ද්‍රිකා 5,874ක් කක්ෂ ගත කර ඇති අතර ඉන් චන්ද්‍රිකා 5,800ක ප්‍රමාණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව‍යි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලොන් මස්ක් අතර හමුවේදි Starlink අන්තර්ජාල සේවා පහසුකම මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිවිය.

AI තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බව ජනපති රනිල් පවසයි...

AI තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බව ජනපති රනිල් පවසයි...


කෙසේ නමුත් Starlink පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි සේවාව මෙරට ජනතාවට ලබාගැනීමේ හැකියාවක් පවතී ද යන්න පිළිබද සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාරගෙන් විමසා සිටියා.මේ සම්බන්ධයෙන් ඔහු කළ පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් දැක්වේ.


එමෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයට අනුව ලොව අන්තර්ජාල පහසුකම් අඩු මිලට ලබාදෙන රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද අයත්වේ.