නියම වාසියක් - ඊලෝන් මස්ක්ගේ Starlink නොමිලේ

Report

වෙනිසියුලාවට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් අනතුරුව එරට ජනතාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් ලබාදීමට ඊලෝන් මස්ක්ගේ Starlink සමාගම පියවර ගෙන තිබේ.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ වෙනිසියුලානු ජනතාවට අන්තර්ජාල සේවාවන් සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දීමට කටයුතු කරන බවයි.

රජයේ දැඩි නියාමන, නිතර සිදුවන ජාල විසන්ධිවීම් සහ මන්දගාමී අන්තර්ජාල පහසුකම් පිළිබඳ දිගුකාලීන ගැටලු පවතින පසුබිමක Starlink විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර, කැරබියන් ගුවන් කලාපය වටා පනවා තිබූ ගුවන් සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි නිවේදනය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් ගුවන් සමාගම් දැනුවත් කර ඇති බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ද සඳහන් කර ඇත.

ඊයේ (03) දිනයේදී වෙනිසියුලාවට එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය කැරබියන් කලාපය හරහා ගුවන් අවකාශය සීමා කිරීමට කටයුතු කළ අතර, ඒ හේතුවෙන් එම මාර්ග හරහා ගමන් කිරීමට නියමිත ගුවන් යානා ඇතුළු ගුවන් ගමන් රැසක් අවලංගු වී තිබුණි.

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

මේ අතර අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් වෙනිසියුලාවේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර සිවිල් වැසියන් මෙන්ම වෙනිසියුලාවේ හමුදා සහ ආරක්ෂක අංශවල සාමාජිකයින්ද ඇතුළත් වන බව සඳහන් වන අතර, තවත් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති නමුත් එම සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති බවද වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්