ස්ටාලින්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නැයි ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියෙන් තමිල්නාඩු මුඛ්යමන්ත්රීවරයා ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳීම සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් සොයා ගැනීමට ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංවාද ආරම්භ කළ යුතු බවයි.
දෙමළ ජනතාවගේ සුභසාධනය සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද ලිපියෙන් විශේෂ අවධාරණයක් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ උත්සාහයක නිරත වී සිටින බවට ද තමිල්නාඩු මුඛ්යමන්ත්රීවරයා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මෙම ලිපිය යොමු වීම විශේෂත්වයක් ගෙන එන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත පිරිසක් පසුගිය දිනවල තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් හමුවූ පසුබිමකදී මෙම ලිපිය යොමු වීමයි.
ඉන්දියාවේ දෙමළ ජනතාවගේ මෙරට දෙමළ ජනතාව සමඟ ඇති ඓතිහාසික සම්බන්ධතාවයන් සහ ජනවාර්ගික ගැටලුවේ දිගුකාලීන ස්වභාවය සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මෙම ලිපිය මගින් ඉන්දියාවේ රජය ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුව කෙරෙහි නැවතත් තීව්ර අවධානය යොමු කර ඇති බවට සංඥා ලැබී තිබේ.