මේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් - රජයේ අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනය මෙන්න

By Ashfa Jun 21, 2026 08:36 AM GMT
Report

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු සඳහා යුක්තිය ඉටුකිරීම ප්‍රමාදවීමට ළමා ආරක්ෂක වෙනුවෙන් ක්‍රියාත්මකවන ආයතනවල පුරප්පාඩු හේතුවී ඇති බවයි.

ඒ අනුව පොලීසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ තදබල ලෙස නිලධාරී පුරප්පාඩුවක් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම ගැටලුව සඳහා පුරප්පාඩු පිරවීමට කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිතකළ බහු ආංශික යාන්ත්‍රණය කටයුතු කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන දීමනාවේ වෙනසක් කාර්යාල දීමනා හා ගමන් වියදම් දීමනා ලබාදීමට සූදානමක්

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන දීමනාවේ වෙනසක් කාර්යාල දීමනා හා ගමන් වියදම් දීමනා ලබාදීමට සූදානමක්

එමෙන්ම අදාළ කමිටුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අතර එහිදී මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. වැඩිදුරටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පිහිටුවා ඇති පොලිස් ඒකකය ස්වාධීන කිරීම පිළිබඳව ද මෙහිදී මෙම කමිටුවේ අවධානය යොමුව ඇති බවයි.

මේ අතර උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගැනීම සහ ඒවා ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සහ ළමා මහාධිකරණ ස්ථාපිත කිරීම මඟින් ළමුන් පිළිබඳව වන නඩු කටයුතු ඉක්මනින් අවසන් කර යුක්තිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.