අද රෝහල් යන්න එපා... ගියොත් අසරණ වෙයි

Report

රට පුරා රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් අද දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය තුළදීම දූෂණය කිරීමේ සිදුවීමට විරෝධය පාමිනි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්


ඔවුන් ඊයේ දින නිවේදනය කලේ අද පෙරවරු අටට පෙර මෙම සැකකරු අත්අඩංගුවට නොගතහොත් පුරා වැඩ වර්ජනයක් කැඳවන බවයි.

ඒ අනුව පැය විසි හතරක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර හදිසි අනතුරු සේවා, ලමා, වකුගඩු, පිලිකා රෝහල්වල වර්ජනය ක‍්‍රියාත්මක නොවේ.

අදාළ වෛද්‍යවරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිය නිල නිවාසය තුළදී දූෂණය කර ඇති බව පැවසෙන්නේ හමුදාවෙන් පලා ආ සැකකරුවෙකි. ඔහු සොයා මේ වන විට විමර්ශන කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටී.