ලංකාවේ කාන්තාවන් ගැන සමීක්ෂණයකින් හෙළිවූ හිතාගන්නටවත් නොහැකි භයානක දේ..

Sri Lanka Police International Women's Day Sri Lanka Sri Lanka NGO
By Sithumi Jun 01, 2023 04:49 PM GMT
Sithumi

Sithumi

Report

ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළදී තම සහකරුවාගෙන් ශාරීරිකව හෝ ලිංගිකව හිංසනයට ලක්ව ඇතැයි මෑතදී සිදුකළ සමීක්‍ෂණයක් මගින් හෙළි වී තිබෙනවා.  

තම ස්වාමිපුරුෂයා, එකට ජීවත්වන සහකරුවා හෝ පෙම්වතා ලෙස හඳුන්වන මින් ඕනෑම සමීප සහකරුවෙකු ගෙන් මේ ශාරීරික හා ලිංගික හිංසන සිදුව තිබෙන අතර මේ තොරතුරු ආනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කොළඹ කාර්යාලය විසින් පසුගියදා පැවති වැඩමුළුවකදීයි.

  මෙම සමීක්‍ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙසේ ශාරීරික හිංසනය අත්විඳි කාන්තාවන්න් ගෙන් බොහොමයක් ලිංගිකව ද හිංසනයට ලක්ව තිබූ බවයි.  

මෙම සමීක්‍ෂණයේදී කාන්තාවන් මුහුණ දුන් බවට වඩාත් සුලභව වාර්තා වූ හිංසන හැසිරීම් රටාව වූයේ සහකරු විසින් කාන්තාව තම පාලනයට නතුකර ගැනීම වෙනුවෙන් කරන ලද බලපෑම වූ අතර එය සියයට 19.1 ක් බව ද හෙළි වී තිබෙනවා.