ශ්‍රී ලංකන් වෙතින් විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ගුවන් ගමන් අවලංගුයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාර්තු 16, 17, 18, 21 සහ 24 යන දිනවල කොළඹ සිට ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ UL231 සහ UL232 ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මෙම ගුවන් ගමන් අවලංගු කිරීම සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් නිකුත් කරමින් ගුවන් සේවය සඳහන් කළේ, මැදපෙරදිග ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව එම දිනවල ගමන් කිරීමට සැලසුම් කර තිබූ මගීන්ට මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගුවන් ගමන් සඳහා ටිකට්පත් වෙන්කරවාගෙන ඇති මගීන් තම ගමන් කටයුතු සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය, ඇමතුම් මධ්‍යස්ථානය හෝ තම ගමන් නියෝජිතයින් සමඟ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ