ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වියදම් 2024/25දී 15.1% අඩු වෙලා - අලාභය බිලියන 8.4ක්
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේදී රුපියල් බිලියන 275.6 දක්වා සියයට 15.1කින් අඩුකර ගැනීමට හැකි වී ඇති බව මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ගුවන්යානා ඉන්ධන පිරිවැය සියයට 20.4කින් අඩුවීම, බදුපදනම මත ලබාගත් ගුවන්යානා සඳහා කුලී සහ නඩත්තු වියදම සියයට 68කින් අඩුවීම, අලුත්වැඩියා වියදම සියයට 13.2කින් අඩුවීම මෙම අඩුවීමට ප්‍රධාන හේතු වී ඇති බවද වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත්, ශ්‍රීලංකන් ගුවන් සමාගම 2024/2025 වර්ෂයේදී රුපියල් බිලියන 8.4ක බදු පසු ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති අතර, දිගුකාලීන මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ රුපියල් බිලියන 586.5ක අතීත ණය බර මෙයට ප්‍රධාන හේතු වී ඇති බවද වාර්තාවේ සඳහන්ය.
ජාතික ගුවන් සේවය ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ගුවන් සමාගමේ මූල්‍ය ගැටලුවලට සහාය වීම සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 9.8ක මූල්‍ය දායකත්වයක් රජය විසින් ලබාදී ඇත. මීට අමතරව, ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටද රජය සහාය දක්වා ඇත.
ගුවන් සමාගමේ දිගුකාලීන නොගෙවූ ණය සේවා බැඳීම් පියවීමට රජය එකඟ වී ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 20ක ප්‍රතිපාදන අනුමත කර ඇත.