අද මෙරට විශේෂ පිරිසකට ලැබුණු උසස්වීම්..

Government Employee Sri Lanka NGO
By Sithumi Aug 08, 2022 04:15 PM GMT
Sithumi

Sithumi

Report

නගර සභා හතක් මහ නගර සභා ලෙස ද,ප්‍රාදේශීය සභා තුනක් නගර සභා ලෙසද උසස් කිරීමටත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රජයට කර ඇත. කළුතර, වවුනියාව, පුත්තලම ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල යන නගර සභා මහ නගර සභාව ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇති අතර, කිලිනොච්චිය, මුලතිව් සහ මොනරාගල යන ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇත.

මෙම නගර සභා 7 සහ ප්‍රාදේශීය සභා තුන උසස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

පළාත් පාලන ආයතන 341ක් රට පුරා ක්‍රියාත්මක කර අතර,ඉන් මහ නගර සභා ඇත්තේ 24කි. නගර සභා 41ක් ඇති අතර, ප්‍රාදේශීය සභා 276 ක් පවතී