පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් ඇති කරන්න උත්සහයක් ද? අදත් ගැටේ (VIDEO)
සිරි දළදා වන්දනාව සැදැහැවතුන්ගේ පෝලිමක් අබියස පොලිසි නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැණ වැදී පන්නා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩබලන පොලිස්පති නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පසුව වාර්තා වූයේ. කෙසේවෙතත් අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳීසිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන බව තතු දත් ආරංචිමාර්ග පවසයි.
එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා අදාළ හමුදා නිලධාරියාට බැණවැදී ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර එවැනි සිද්ධියක් මහනුවර ශ්‍රී දළදා වන්දනා භූමියේදී අද දවසේ ද වාර්තා වුනා.
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකුට පොලිස් නිලධාරියෙක් බන වදින වීඩියෝවක් අද දවසේද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා. ඊට හේතුව ද පෝලිම්වලට පිරිස් එකතු කිරීම විය හැකි බවයි පෙනී යන්නේ.
