ජංගම දුරකථන ගන්න ඉන්න අයට සුභ ආරංචියක්.. ජංගම දුරකථන මිළෙහි හදිස්සියේම ඇතිවන වෙනස මෙන්න..

Business Mobile Huawei Mobile iPhone Samsung Galaxy Mobile
By Sithumi Jun 01, 2023 02:19 PM GMT
Sithumi

Sithumi

Report

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම නිසාවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වනවා.

 මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව අද ඉවත් කරන බව නිවේදනය කළේ.

විශේෂයෙන්ම පැවති උද්දමනයත් ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත  ජංගම දුරකථන මිළ ඉතා ඉක්මනින් ඉහළ යාම සිදුවුණා.