මාරාන්තික භයානක උණක් ගැන වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්.....(VIDEO)

Report


ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද (20) අනාවරණය කළා.

මෙම රෝගය මාරාන්තික විය හැකි බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බවයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්..