විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙත කළ දෑනුම්දීම
By Sithumi
එළඹෙන ජුලි මාසය වනවිට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (28) පැවති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවතී නම් තමා වෙත දන්වන ලෙසයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ලියාපදිංචි ආගමික ස්ථානවලින් ඉල්ලා සිටියේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |