මෙරට ආර්ථිකය ගැන සුබ ආරංචියක්...මෙරටට ලැබුණු විශාල ලාභය..

Sri Lanka Airport Economy of Sri Lanka Ratmalana Airport World Economic Crisis
By Sithumi Jun 03, 2023 01:47 PM GMT
Sithumi

Sithumi

Report


කටුනායක, මත්තල ඇතුළු මෙරට ගුවන් තොටුපොළ කළමනාකරණය කරන ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 27,647ක සමස්ත ලාභයක් වාර්තාකර තිබෙනවා.

එමෙන්ම බදු ගෙවීමෙන් පසු එහි ලාභය රුපියල් මිලියන 4,803ක් බව වාර්තා වන අතර 2022 වසරේදී ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම රජයට රුපියල් මිලියන 1,983ක දායකත්වයක් ලබාදී ඇති බව සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතගේ ප්‍රකාශය පහතින්, "ප්‍රතිව්‍යුහගතකිරීම අපට බලපාන්නේ නැහැ.

ඒක බලපාන්නේ ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගමට වෙන්න පුළුවන් නමුත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමට ඒක බලපාන්නේ නැහැ. ඒකට හේතුව අපි රජයට අයත් ලාභ ලබන සමාගමක්. අපගේ පසුගිය වසරේ ලාභය රුපියල් බිලියන 6.5ක්. මේ වසරේ අපේ ඉලක්කය රුපියල් බිලියන 21.5ක ලාභයක් ගැනීමට හැකිවෙයි කියලා."